ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට එක්ලක්ෂ 61,773කට ලබාදී අවසන්

පෙබ 08, 2021

    කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට එක්ලක්ෂ 61,773 දෙනෙක්ට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    ඇස්ට්‍රාසෙනෙකා එන්නත්කරණය ආරම්භ කෙරුණේ, ඉකුත් 29 වැනි දිනයි. එහි 11 වැනි දින අදයි. ඊ‍යේ එන්නත ලබා දුන් පිරිසට 1,625 දෙනෙක් ඇතුළත්.

    කොවිඩ් 19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 63,401 දක්වා ඉහළ ගොස් තිබේ. ‍එම ප්‍රතිශතය 91.43ක්. සියයට 8.6ක පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර 5,591 දෙනෙක් ඒ අතර වෙයි.

    Latest News