අද අලුයම තංගල්ල මහවෙල ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් 26 හැවිරිදි තරුණයෙකු මිය ගියා.

හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව මෙරට 12,000ක් පමණ මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පෙන්වා දෙයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති සාකච්ජාවකදී මේ බව හෙළි කෙරිණ.

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කුඩා ළමයෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.ගිරිබාව, බුලත්සිංහල, ගම්පහ, දඹුල්ල හා අක්කරෙයිපත්තුව යන ප්‍රදේශවල මෙම රිය අනතුරු සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

රිය අනතුරුවලින් ඊයේ (23) දිනයේ මරණ 8ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ගෙවුණු දිනයේ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් තිබේ.

අලුත් අවුරුදු දා සිදු වූ අනතුරු 121 කින් පුද්ගලයන් 10 දෙනකු මිය ගොස් තවත් 74 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පදිකයින්ගෙන් සහ රියදුරන්ගෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ගතවූ පැය 24 දී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මාරක රිය අනතුරු 08 ක් වාර්තා වී තිබේ.

රිය අනතුරුවල දී දරුවන්ගේ ජීවිතාරක්ෂාව උදෙසා නව ජීවිතාරක්ෂක අසුනක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයට අනුබද්ධ මාර්ග ආරක්ෂණ ජාතික සභාව, හා ලංකා ඔටෝමොබයිල් සංගමය මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය ද එක්ව මාර්ග අනතුරු වළක්වා ගැනීම සම්බන්ධව විශේෂ වැඩ සටහනක් ඊයේ (02) අම්බලන්තොට දී පවත්වනු ලැබීය.

Latest News