රිය අනතුරුවලින් දරුවෙකු ඇතුළු පස් දෙනෙක් මියයයි

දෙසැ 29, 2021

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කුඩා ළමයෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.ගිරිබාව, බුලත්සිංහල, ගම්පහ, දඹුල්ල හා අක්කරෙයිපත්තුව යන ප්‍රදේශවල මෙම රිය අනතුරු සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

    අක්කරෙයිපත්තුව - කල්මුණේ මාර්ගයේ අඩ්ඩාලච්චේනෙයි ප්‍රදේශයේදී කැබ් රථයක ගැටීමෙන් අවුරුදු දෙකක් වයසැති කුඩා දරුවෙකු මියගොස් තිබේ.නොසැලකිලිමත් ලෙස රිය ධාවනය නිසා අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

    බුලත්සිංහල දවටගහ පාර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් මියගොස් ඇත්තේ 46 හැවිරිදි පුද්ගලයෙකි.

    ගම්පහ මොරුපොල ප්‍රදේශයේදී යතුරු පැදියක් වේගය පාලනය කර ගත නොහැකිව විදුලි කණුවක ගැටීමෙන් 33 හැවිරිදි බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ජීවිතක්ෂයට පත්විය.

    තම්මැන්නාව මැදගම මාර්ගයේදී අත් ට්‍රැක්ටරයක් මාර්ගයෙන් ඉවතට පැන පෙලිමෙන් සිදූවූ අනතුරකින් 20 හැවිරිදි ගිරිබාව කටුපොතාන ප්‍රදේශයේ තරුණයෙකු මියගොස් තිබේ.

    එමෙන්ම දඹුල්ල ඇටමුල හන්දිය අසලදි යතුරු පැදියක් වේගය පාලනය කර ගත නොහැකිව ගසක ගැටී අසල පිහිටි ඇළ මාර්ගයට වැටි එහි ගමන් ගත් 14 හැවිරිදි දඹුල්ල අරැව්වල ප්‍රදේශයේ පදිංචි දරුවෙකු මියගොස් ඇති බවයි.

    මේ අතර අද උදෑසන පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.කාන්තාවක් පැදවූ සුඛෝපභොගි ජිප් රථයකට යටවීමෙන් ඔහු මියගොස් ඇති බවයි,‍පොලීසිය පවසන්නේ.කාන්තාවට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසන්නේ.

    රිය පැදවූ 52 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News