රිය අනතුරු වැඩිවීමක්

ජූලි 24, 2021

    රිය අනතුරුවලින් ඊයේ (23) දිනයේ මරණ 8ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඉන් තිදෙනෙකු යතුරුපැදිවල ගමන් කළ අය වන අතර, 3 දෙනෙකු පදිකයින් වෙයි. තවත් දෙදෙනෙක් ත්‍රීරෝද රථවලින් ගමන් කළ අය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    මේ දිනවල සිදුවන මාර්ග අනතුරුවලට ප්‍රධාන හේතු වී ඇත්තේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    එම නිසා කුඩා වාහනවල ගමන් කරන පිරිස් සහ පදිකයින් මාර්ග අනතුරුවල වින්දිතයන් බවට පත්වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇති බව ද ඔහු සඳහන් කරයි.

    Latest News