ගෙවුනු දින රිය අනතුරුවලින් මරණ 7ක්

ජූලි 21, 2021

    ගෙවුණු දිනයේ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් තිබේ.

    ඉන් තිදෙනෙකු යතුරුපැදිවල ගමන් කළ පිරිස් බවත් තවත් දෙදෙනෙක් ත්‍රිරෝද රථවල ගමන් කළ පුද්ගලයින් බවයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ.

    රිය අනතුරු හේතුවෙන් මිය ගොස් ඇති අනෙක් දෙදෙනා පදිකයින් වෙයි. 

    රිය අනතුරු හේතුවෙන් දෛනිකව පුද්ගලයින් 7ක් 8ක් හෝ 10 ක් දක්වා මිය යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    Latest News