හදිසි අනතුරුවලින් වාර්ෂිකව මරණ 12,000ක්

දෙසැ 30, 2021

    හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව මෙරට 12,000ක් පමණ මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පෙන්වා දෙයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති සාකච්ජාවකදී මේ බව හෙළි කෙරිණ.

    හදිසි අනතුරු හේතුවෙන් රෝහල්ගතව වාර්ෂිකව ප්‍රතිකාර ලබන පිරිස ලක්ෂ 13ක් පමණ බව විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පෙන්වා දෙයි. හදිසි අනතුරු බහුලව වාර්තා වන්නේ උත්සව සමයේදී. ඉකුත් වසර කිහිපයේ හදිසි අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් රථවාහන අනතුරු.

    පවතින කොරෝනා වසංගතය හේතුවෙන් 2020 සහ 2021 වසරවලදී රථවාහන අනතුරු අවම වුවද, ගෘහස්ත අනතුරුවල වැඩිවීමක් දක්නට ලැබෙන බවයි, විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසන්නේ.

    හදිසි අනතුරු හේතුවෙන් රෝහල්වලට ඇතුළත් කෙරෙන පුද්ගලයින්ගෙන් 50%ක් අනතුරට ලක්ව ඇත්තේ, ගෘහාශ්‍රිතවයි. වැටීම්,සීරීම්,විෂ ශරීරගතවීම්, සතුන් සපාකෑම, විදුලිසැර වැදීම, පිලිස්සීම්, කැපීම් හා දියේ ගිලීම වැනි ගෘහස්ථ අනතුරු ද වර්තමානයේ බහුලව වාර්තා වෙයි.

    Latest News