නරක්වූ ඊජිප්තු ලූණු කන්ටේනරයට සීල්

දෙසැ 24, 2019

    ඊජිප්තුවේන ගෙන්වන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූණු තොගයක් කන්ටේනර් රථයක තබා අලෙවි කිරීමට සූදානම් කර තිබිය දී දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය ඒකකය විසින් ඊයේ සොයා ගැනිණ.

    මෙම ලූණු තොගය පරීක්ෂා කිරීමේ දී බොහොමයක් පැළවී තිබූ බව දක්නට ලැබිණ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පකිස්තානය ඇතුළු විදේශ රටවලින් ගෙන්වල ලද ලොකු ලූණු හා අර්තාපල් අල වෙළෙඳ බලපත්‍රයකින් තොරව අලෙවි කිරීමේ ක්‍රමවේදය සොයා බැලීමට නිලධාරීන් එහි පැමිණි අවස්ථාවේ දී මෙම කන්ටේනර් රථය සොයා ගෙන තිබේ. දඹුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා පවසන්නේ, මෙම ලූණු පරිභෝජනයට නුසුදුසු බවයි.

    බීජ තත්වයට පැලවීමෙන් පසුව, ඒ තුළ විෂක් වර්ධනය වන බැවින්, ඒවා මිනිස් සිරුරට අහිතකර බවයි, පැවසෙන්නේ. මෙම ලූණු තොගය ගෙන්වා ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බවට අනාවරණය කෙරිණ. මීට පෙර මෙලෙස අනවසර ලෙස මෙම ලූණු අලෙවි කෙරෙන බවට මෙහිදී සොයා ගැනිණ. ව්‍යාපාරිකයාට එරෙහිව නීතියෙන් පියවර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් ක්‍රියා කළේය.

     

     

    Last modified on අඟහරුවාදා, 24 දෙසැම්බර් 2019 09:34

    Latest News