උත්සව සමයට විධිමත් ප්‍රවාහන සේවාවක්

දෙසැ 24, 2019

    උත්සව සමයේ ප්‍රවාහන සේවා විධිමත් කිරීමට රජය පියවර ගෙන තිබේ. කඩිනම් සේවාවක් සැලසීම අරමුණයි.

    මේ අනූව, ලබන 26 වැනි දින සිට ජනවාරි පළමු වැනිදා දක්වා ශ්‍රී ලංගම රියදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කෙරිණ. පිටකොටුවෙ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකටම අමතර බස් රථ යෙදවීමට කටයුතු යොදා ඇති බවයි, මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසන්නේ. කොළඹ කොටුව හා මහනුවර අතර විශේෂ සුඛෝපභෝගී දුම්රියක් ද ධාවනය කෙරේ.

    අද සහ 27,29 යන දිනවල බදුල්ල සිට කොළඹ දක්වාත්, කොළඹ සිට බදුල්ල දක්වාත් අමතර දුම්රිය සේවා ක්‍රියාත්මකයි. ලබන 26 දක්වා අලුයම 5.10ට ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය කෙරෙන දුම්රියට සහ පස්වරු 1.15ට කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා ධාවනය කෙරෙන දුම්රියේ පළමු පන්තියේ වායු සමීකරණය කරන ලද ආසන 44ක් සහිත මැදිරියක් එක්කර තිබේ. එය වෙන් කිරීමේ පහසුව ද දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සළසා තිබේ.

     

    Last modified on අඟහරුවාදා, 24 දෙසැම්බර් 2019 09:42

    Latest News