ආර්ථික, සමාජීය සහ දේශපාලන අභියෝග ජය ගැනීමට අත්වැල් බැඳගමු - ජනපති

මැයි 11, 2022

    මේ අවස්ථාවේ ආර්ථික, සමාජීය සහ දේශපාලන අභියෝග ජය ගැනීම සඳහා සියලු ශ්‍රී ලාංකිකයන් එකාවන්ව අත්වැල් බැඳගත යුතු බව ජනාධිපතිතුමා සඳහන් කරයි.

    වාර්ගික සහ ආගමික අසමගිය කරා මහජනතාව යොමු කිරීමේ කඩාකප්පල්කාරී උත්සාහයන් ප්‍රතික්ෂේප කරන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

    ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

    තවද මධ්‍යස්ථභාවය, ඉවසීම සහ සහජීවනය මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    Pres-Tweet.jpg

     

    Latest News