ගානියා ෆ්‍රැන්සිස් යළි අංගොඩ මානසික රෝහලට

දෙසැ 19, 2019

    රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා ෆ්‍රැන්සිස් මහත්මිය දෙවැනි දිනටත් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනය වෙත අද යොමු කෙරිණ.

    ඒ මනෝ වෛද්‍යවරුන්ගෙන් සමන්විත මණ්ඩලයකට ඉදිරිපත් කිරීම සඳහායි. ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියගේ මානසිකත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය පසුගියදා නියෝග කළාය. එම අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ අධිකරණ මනෝ වෛද්‍යවරයෙකුගේ ප්‍රමුඛත්වයෙන් යුත් මනෝ වෛද්‍ය මණ්ඩලයකට ඇය ඉදිරිපත් කිරීමට නියෝග කරන ලෙසයි. එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නාය.

    පසුගිය සඳුදා දින ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට රැගෙන යනු ලැබීය. එදින සවස නඩුව යළි කැඳවූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ, අද දිනයේ ද අදාළ කාන්තාව මනෝ වෛද්‍යවරුන්ගෙන් සමන්විත මණ්ඩලයකට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනූව, උදෑසන 10.30ට පමණ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට රැගෙනආ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය වෛද්‍ය පරීක්ෂණයට යොමු කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 දෙසැම්බර් 2019 12:16

    Latest News