මහත් ආන්දෝලනයකට තුඩු දුන් එම්.සී.සී, ඇක්සා සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝග රජය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් බහා තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

ශ්‍රි ලංකා රජය සහ ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම අතර ගිවිසුම් (එම්.සී.සී) අත්සන් නොකිරීමට රජය තීන්දු කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨධිකරණයට දැනුම් දුන්නේය.

අමෙරිකානු එක්සත් ජනපදයේ “MCC” ගිවිසුම් ක්‍රියාවලියට අදාළව 2017 සහ 2018 වසරවලදී එවකට පැවති ශ්‍රී ලංකා රජයට මුල්‍ය ප්‍රධාන දෙකක් සිදුකර ඇති බව, 2018 වසරේ මෙරට අමෙරිකානු තානාපති කාර්යාලීය වෙබ් අඩවියේ පළ වූ වාර්තාවක දැක්වේ.

'සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය' (MCC) සමාලෝචනය කිරීමේ කමිටුව එම කමිටුවේ අවසන් වාර්තාව අද (24) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙන ලදී.

රටේ ආණුඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ නීතිරීතිවලට පටහැනි කිසිම ගිවිසුමකට රජය අත්සන් නොතබන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

සහස්‍ර අභියෝගතා සංස්ථාව හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබීය.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් කර රජයට වාර්තාවක් ලබා දීමට, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ මණ්ඩලයක් පත් කර තිබේ.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම් යළි සමාලෝචනයට ලක් කිරීමට නව රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණට දැනුම් දෙයි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර රැසක් ජනතාව අතරට ගොස් ඇතැයි ද ඇමෙරිකාවෙන් ලැබෙන ඩොලර් මිලියන 480 ක ප්‍රදානය නොලැබුණහොත් මින් පාඩු සිදුවන්නේ ශ්‍රී ලංකාවට යැයි ද මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.එස්. සමරතුංග මහතා මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කියා සිටියේය.

 

මෙහිදී අදහස් දැක්වූ සමරතුංග මහතා...

“එම්.සී.සී. ගිවිසුම යටතේ අපට ලැබෙන්නේ ණයක් නෙමෙයි ප්‍රදානයක්. ශ්‍රී ලංකාව නැවත ඊට ගෙවීමක් කළ යුතු නැහැ. එය ඇමෙරිකාවේ බදු ගෙවන්නන්ගේ සල්ලි. ඒනිසා ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුබසාධනය සඳහා ශ්‍රී ලංකා රජය එම මුදල් වියදම් කරන්නේ කෙසේදැයි ඇමෙරිකාවට හොඳ අවබෝධයක් තේරුම් ගැනීමක් තිබිය යුතුයි. ඒ සඳහා මහවැලි සංවර්ධන මණ්ඩලය හෝ ගල්ඔය සංවර්ධන මණ්ඩලය වැනි ආයතනයක් පිහිටුවා ව්‍යාපෘතියට අදාළ මුදල් වියදම් කරන ආකාරය කළමනාකරණය කළ යුතුයි. එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් අපි එය කළ යුතු අතරම ගිවිසුමෙන් ද ඒ සඳහා ඉඩ සලසා දී තිබෙනවා.

ගිවිසුමට සම්බන්ධ පාර්ශව දෙකෙන් ඕනෑම පාර්ශවයකට කිසිදු හේතුවක් නොමැතිව දින 30කට පෙර ලිඛිතව පූර්ව දැනුම් දීමක් කරමින් ගිවිසුමෙන් ඉවත් වෙන්න පුළුවන්. එය ගිවිසුමේ හොඳින් සඳහන් වෙනවා.

එම්.සී.සී. ගිවිසුම ගැන උනන්දුවක් දක්වන ඕනෑම පාර්ශවයකින් ගිවිසුම හොඳින් කියවන්නැයි මම ඉල්ලා සිටිනවා. මුදල් අමාත්‍යාංශය ගිවිසුම ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. ඒ වගේම රුපියල් 180 කට ඉඩම් දෙනවා කියලා ගිවිසුමේ සඳහන්ව ඇතැයි ඇතැම් පාර්ශව කියනවා. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව අනතුරේ හෙළමින් ඇමෙරිකාව එම ඉඩම්වල හමුදා කඳවුරු හදන්න සූදානම් වෙනවා කියලා ඇතැම් නිලධාරීන් කියනවා. එවැනි කිසිවක් මේ ගිවිසුමේ නැහැ.

මෙරට ආර්ථික වර්ධනයට බාධා එල්ල කර තිබෙන කරුණු දෙකකට විසඳුම් සෙවීමේ අරමුණින් තමයි මේ ගිවිසුම සකස් කර තිබෙන්නේ. ගිවිසුම ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ව්‍යාපෘතිය යන කොටස් දෙකෙන් සමන්විත වෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ශක්තිමත් කිරීමත් ප්‍රගතියක් අත්පත් කරගැනීමත් අරමුණු කරගනිමින් සහ දරිද්‍රතාව අඩු කිරීමේ අරමුණින් මේ ව්‍යාපෘතිය සකස් කර තිබෙනවා. ආර්ථික වර්ධනය ළඟා කිරීමටත් දරිද්‍රතාව අඩු කිරීමටත් මේ ව්‍යාපෘතිය ඉතාම වැදගත්. මේ ව්‍යාපෘතිය අවශ්‍ය නැත්තේ කාටදැයි කියන ප්‍රශ්නය මට තියෙනවා. මෙය ඇමෙරිකාවෙන් ලැබෙන පරිත්‍යාගයක් වගේම විශාල ව්‍යාපෘතියක්. එයින් ප්‍රතිලාභ ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවට. එවැන්නක් ඕනෑ නැහැ කියන්නේ කාටදැයි කියන ප්‍රශ්නය මට තියෙනවා.

දේපළ සම්බන්ධ, විශේෂයෙන්ම ඉඩම් ඔප්පු සම්බන්ධ ලියකියැවිලි තවමත් තිබෙන්නේ දුර්වල මට්ටමක. ඒවා පවත්වාගෙන යන්නේ ඉතාම දුර්වල මට්ටමක. ඒ ලියකියවිලි සොරකම් කරන්න පුළුවන්, ගිනි තබන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන් සහ වංචා වීමේ වංචා කිරීමට ඇති ඉඩකඩ ඉතාම වැඩියි. ඒ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා එම්.සී.සී. ගිවිසුමෙන් අරමුදල් ලැබෙනවා. මේ ලියකියවිලි ස්කෑන් කර ඩිජිටල්කරණය කර පරිගණකගත කරනවා.” යැයි ද ඔහු මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ප්‍රකාශකර සිටියේය.

1 MCC Flyer 1

2 MCC Flyer 2

3 MCC Flyer 3

4 MCC Flyer 4

Latest News