ප්‍රගිතිශිලි සන්ධානයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් සත්‍යග්‍රහයක් ආරම්භයි

දෙසැ 19, 2019

    මස්කෙලිය ප්‍රාදේශිය රෝහලට වෛද්‍යවරුන් සහ හෙදියන් ලබාදෙන ලෙස බල කරමින් දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් පිරිසක් රෝහල ඉදිරිපිට සත්‍යග්‍රහයක් අද ආරම්භ කළේය.

    මස්කෙලිය ප්‍රාදේශිය රෝහල මධ්‍යයම පලාත් සෞඛ්‍යය අමාත්‍යංශය යටතේ පාලනය වේ. වෛද්‍යවරුන් සහ හෙදියන් ලබාදෙන ලෙස බල කෙරෙන සත්‍යග්‍රහයට මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් 5 දෙනෙකු එක්වි සිටිති.

    දමිල ප්‍රගිතිශිලි සන්ධානය නියෝජනය කරන කදුරට ජනතා පෙරමුණ , කම්කරු ජාතික පෙරමුණ සහ ජාතික කම්කරු සංගමය යන වෘත්තිය සමිති නියෝජනය කරන ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් මෙම සත්‍යග්‍රහයේ නියැලි සිටි. මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් පස්දෙනෙකු සත්‍යග්‍රහයේ නියැලි සිටිමින් මාධ්‍යයට මෙසේ අදහස් ප්‍රකාශ කළේය.

    නල්ලතන්නිය, මස්කෙලිය, සාමිමලේ යන ප්‍රදේශ ආවරණය වන පරිදි ස්ථාපනය කර ඇති මස්කෙලිය ප්‍රාදේශිය රෝහලට දිනපතා තේ වතු ගණනාවක වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින් ප්‍රතිකාර ලබා ගැනිමට මස්කෙලිය රෝහලට පැමිණෙනවා. රෝහලේ දැනට දිස්ත්‍රික් වෛද්‍යයවරයා සහ තවත් වෛද්‍යයවරියන් දෙදෙනෙකු සේවයේ රැදි සිටියත් එම වෛද්‍යයවරුන් නිවාඩු ලබා ගන්නා අවස්තාවල රෝගින් දැඩි අසිරුතාවයට පත් වනවා. රෝහලේ වෛද්‍යවරුන්ට අමතරව හෙදියන් සහ කාර්යය මණ්ඩලයේ විශාල අඩු පාඩුවක්. එමෙන්ම රෝහල තුල වෙනත් අඩුපාඩුකම් රැසක් පවතින බවයි සත්‍යග්‍රහයේ නියැලි සිටින ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් කියා සිටින්නේ.

    මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ පවතින අඩුපාඩුකම් සම්බන්ධයෙන් මිට ප්‍රථම අවස්තා කිහිපයකදිම මධ්‍යම පලාත් සෞඛ්‍යය අධ්‍යක්ෂකවරයා සහ නුවරඑලිය දිස්ත්‍රික් භාර නියෝජ්‍යය සෞඛ්‍යය අධ්‍යක්ෂකවරයා දැනුවත් කරද එයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබි නොමැති බවයි සත්‍යග්‍රහයේ නියැලි සිටින ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් පැවසුහ.

    සිව් මහල් ගොඩනැගිල්ලක් සහිත මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනිමට සහ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනිමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් පවතියි. ශ්‍රි පාද වන්දනා සමයේදි හදිසියේ රෝගාතුර වන වන්දනාකරුවන්ද ප්‍රතිකාර ලබා දිමට මස්කෙලිය ප්‍රාදේශිය රෝහලට රැගෙන එන බවයි සත්‍යයග්‍රහයේ නියැලි ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් කියා සිටින්නේ.

    මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ පි. ආනන්දන්, පි. රාජ් අශෝකන්, කේ. රවින්දරාජ්, එස් සුබ්‍රමණියම්, කේ. රාජ් කුමාර් යන ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් සත්‍යයග්‍රහයේ නියැලි සිටිති.

     

    Latest News