මත්පැන් සැපයීමේ සමස්ථ ක්‍රියාවලිය විශේෂ අධීක්ෂණයකට

දෙසැ 15, 2019

    එළඹෙන උත්සව සමයේ සුරාබදු බලපත්‍රලත් මත්පැන් අලෙවිසැල් ඇතුළු මත්පැන් සැපයීමේ සමස්ත ක්‍රියාවලිය විශේෂ අධීක්ෂණයකට ලක් කිරීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයින පුරා සිදුවිය හැකි සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධයෙන් වන වැටලීම් සිදුකිරීමට ද සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.අදාළ වැටලීම් උඳුවප් පොහොය දිනයේ සිට ආරම්භ කර ඇති අතර එය ලබන වසරේ ජනවාරි මස 05 වැනිදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.වැටලීම් සිදුකිරීම පිළිබඳ සියලු සුරාබදු ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

    ඒ සඳහා සුරාබදු නිලධාරීන් 900 දෙනෙකු දිවයින පුරා අනුයුක්ත කර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ.එම මෙහෙයුම් අධීක්ෂණය කිරීමේ වගකීම දිස්ත්‍රික් භාර සුරාබදු අධිකාරීවරුන් සහ පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන් හට පවරා දී ඇති බව සඳහන්. මෙම විශේෂ මෙහෙයුම සඳහා සුරාබදු අපරාධ සම්බන්ධයෙන් වන තොරතුරු 1913 දුරකථන අංකය වෙත යොමුකළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    Last modified on ඉරිදා, 15 දෙසැම්බර් 2019 08:22

    Latest News