බගවන්තලාව,මොරා තේ වත්තේ අනවසරෙන් මත්පැන් පෙරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හැටන් ප්‍රදේශයේ මත්පැන් පානය කිරීමෙන් පසු දෙපාර්ශවයක් අතර ඇති වු ගැටම්වලින් තුවාල ලැබු 16ක් දික්ඔය මුලික රෝහලටත්, මස්කෙලිය ප්‍රදේශයේ ගැටුමකින් තිදෙනෙකු මස්කෙලිය ප්‍රාදේශිය රෝහලටත් ඇතුලත් කර තිබේ.

ගිලන් රථයකින් මත්පැන් ප්‍රවාහනය කළ රෝහල් සේවකයින් දෙදෙනෙක් පොළොන්නරුව, කාලිංග ඇළ ප්‍රදේශයේ දී අද (14) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

බුත්තල, ජනාවාස 07 ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ නීති විරෝධී මත්පැන් (කසිප්පු ) ජාවාරමේ නියැළුණු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එළඹෙන උත්සව සමයේ සුරාබදු බලපත්‍රලත් මත්පැන් අලෙවිසැල් ඇතුළු මත්පැන් සැපයීමේ සමස්ත ක්‍රියාවලිය විශේෂ අධීක්ෂණයකට ලක් කිරීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මස්කෙලියේ සිට නොර්වුඩ් දක්වා මත්පැන් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකින් මත්පැන් බෝතල් සියයකට ආසන්න ප්‍රමාණයක් ප්‍රධාන මාර්ගයට වැටිමෙන් එම මත්පැන් බෝතල් කැඩි මත් පැන් ප්‍රධාන මාර්ගය දිගේ ගලා ගොස් තිබේ.

මඩකලපුව,වාකරේ පට්ටිපලයි, ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News