එජාප මන්ත්‍රී කණ්ඩායම අද සිරිකොතට

දෙසැ 05, 2019

    එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (05) පස්වරු 3.00ට පැවැත්විමට නියමිතයි.

    ඒ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී.

    මෙහිදී පක්ෂයේ නායකත්වය සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරිමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සදහන් කරන්නේ.

    මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ඊයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ද අද පෙරවරු 09.00ට පැවැත්විමට නියමිත බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 දෙසැම්බර් 2019 08:06

    Latest News