ගල්,වැලි ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමට තීරණයක්

දෙසැ 05, 2019

    ගල්,වැලි සහ පස් ප්‍රවාහනය කිරීමේ දී ක්‍රියාත්මක වූ බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

    අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා කියා සිටියේ, ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි. ගල්,වැලි හා පස් ප්‍රවාහනයේ දී ජනතාව මුහුණ දෙන දැඩි අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

    මේවා ලබාගන්නා ස්ථාන සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේ ද සහභාගීත්වය ඇතිව කමිටු කිහිපයක් පත් කිරීමට ද තීරණය කළ බවයි, වනජීවී හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසන්නේ.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 05 දෙසැම්බර් 2019 08:42

    Latest News