එජාප මන්ත්‍රීවරු අද සිරිකොතේ රැස්වෙයි

ජන 09, 2020

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද (09) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වීමට නියමිතයි. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පස්වරු 3.00ට එය පැවැත්වේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී සංවිධානය විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

    රංජන් රාමනායක මහතා විසින් කරනු ලැබූ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පැවසු විජේපාල හෙට්ටිආරච්චි මහතා, ඒ සම්බන්ධයෙන් ගනු ලබන තීරණය ගැන ද මෙහිදී අවධානය යොමු වෙනු ඇතැයි ප්‍රකාශ කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජනවාරි 2020 07:58

    Latest News