සමගි ජනබල වේගයෙන් මහ මැතිවරණයට ඉල්ලන 115කගේ එජාප සාමාජිකත්වය අහෝසියි (වීඩියෝ)

ජූලි 28, 2020
  • එක්සත් ජාතික පක්‍ෂය හැර ගොස්, සමගි ජනබල වේගයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින 115 දෙනෙකුගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර තිබේ.

    අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඊට අනුමැතිය හිමිවිය.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ සහ පළාත් පාලන ආයතන සාමාජිකයන් 61 දෙනෙකුගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පක්‍ෂය තීරණය කර ඇතැයි පක්‍ෂ මූලස්ථානයේ අද(28) පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්‍ෂ යේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටී.

    අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරු ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 28 ජූලි 2020 20:46

    Latest News