නාමල් රාජපක්ෂට එරෙහි පැමිණිල්ලකට නීතිපති උපදෙස් විමසයි

මැයි 25, 2022

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබු පැමිණිල්ල සැප්තැම්බර් මස 21 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    ඒ, ක්‍රිෂ් නමැති සමාගමකින් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන සාපරාධී පරිහරණය කළේ යැයි කියන පැමිණිල්ලක් සම්බන්ධවයි.

    මෙම පැමිණිල්ල අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී සැකකාර නාමල් රාජපක්ෂ මහතා ද අධිකරණයේ පෙනී සිටියා.

    මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා ඇති බවයි.

    අනතුරුව පැමිණිල්ලක් සැප්තැම්බර් මස 21 වනදා කැඳවීමට ද අධිකරණය නියම කළා.

    රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට යැයි සඳහන් කරමින් ක්‍රිෂ් නමැති සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට පසුගිය යහපාලන රජය සමයේ නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

    Latest News