නබි තුමන්ගේ ඡන්ම දින ජනපති - අගමැති පණිවුඩයක්

නොවැ 10, 2019

    සියලු සත්වයන්ට ආදාරය දැක්වීමේ නබිතුමාගේ දර්ශනය අප සෑම දෙනාගේම දෛනික ජීවිතයේ ක්‍රියාවන්ට මාර්ගෝපදේශකත්වය සැපයීමට හේතු වේවායි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රාර්ථනා කරයි.

    ජනාධිපතිතුමා මේ සුභාශිංසන එක්කරන්නේ, මුහම්මද් නබිතුමාගේ ඡන්ම දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින්. නබිතුමාගේ ජන්ම දිනය ලෝකය වඩාත් යහපත් කිරීම සඳහා එතුමාගේ ඉගැන්වීම් පිළිබඳ සිහිපත් කිරීමට උචිත අවස්ථාවක්. එතුමාගේ ඉගැන්වීම් වූයේ, කිසිඳු පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට වඩා ජාතිය,කුලය,වර්ණය අනූව උසස් වන්නේ ද පහත් වන්නේ ද නැති බවයි. සෑම මිනිසෙකුටම සමාන අයිතියක් ලැබිය යුතු බව, නබිතුමා දේශනා කළේය. ස්වකීය ජීවිතය පුරා එතුමා සුරැකි ගුණාංග හා මිනිස් බව වෙනුවෙන් කළ කැප කිරීම් එකිනෙකා අතර භේදය හා වෛරය වගා දිගාවූ මෙකල අප සියල්න්ගේ පරමාදර්ශයට යෝග්‍ය බවයි, ජනාධිපතිතුමා නබිතුමාගේ ඡන්ම දින පණිවුඩයෙන් සඳහන් කරන්නේ.

    ගෝත්‍රික අර්බුද හේතුවෙන් භේද භින්නව පැවති අරාබි ජනතාවට සහෝදරත්වයේ සාමයේ පරිත්‍යාගයේ ජීවිත වටිනාකම හඳුන්වා දෙමින්, සාමකාමී සමාජයක් ගොඩනැගීමට නබිතුමන් දැරූ උත්සාහය අගනා ආදර්ශයක් බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේ, මිලාදුන් නබි දින සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්. ධර්මය හා ජීවිතය දෙකක් නොව එකක් විය යුතු බව එතුමා අපට පෙන්වා දෙයි. සාමය සංහිඳියාව මනුෂ්‍යත්වය සපිරි සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් ස්වකීය ජීවිතය කැප කළ විශිෂ්ට ආගමික ශාස්තෘවරයෙකි. මිලාදුන් නබි උත්සවය සමරන්නා වූ සහෝදර මුස්ලිම් ජනතාවට තම හෘදයාංගම සුභාශිංසන පිරි නමන බවයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ.

    Last modified on ඉරිදා, 10 නොවැම්බර් 2019 10:43

    Latest News