ගංජා 36kgක් සමග සැකකරුවෙක්ට පේදුරුතුඩුවේ දී මාංචු

සැප් 29, 2019

    යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 36 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනිණ.

    ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනැවිත් මෙරට තුළ බෙදාහැරීමට මෙම ගංජා සුදානම් කොට තිබු බව පොලීසිය පවසන්නේ.
    40 හැවිරිදි සැකකරු පේදුරුතුඩුව පදිංචිකරුවෙක්. අද යාපනය, පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

    Last modified on ඉරිදා, 29 සැප්තැම්බර් 2019 08:09

    Latest News