වර්ජනවලට විසඳුම් දෙන්න අනුකමිටුව අද රැස්වේ

සැප් 30, 2019

    වැටුප් විෂමතා සම්බන්ධයෙන් වර්ජයේ නිරත වන වෘත්ති සමිති සමඟ අමාත්‍ය අනුකමිටු රැස්විමක් අද(30) දින මුදල් අමාත්‍යාංශයේ දි පැවැත්විමට නියමිතය.

    වර්ජනයේ නිරත වන සියලු ම වෘත්තිය සමිති හා අමාත්‍ය අනු කමිටු රැස්විමට සභාගිවිමට නියමිතය. මේ වන විට දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් පසුගිය 24 වැනිදා සිට ආරම්භ කර ඇති මෙම වැඩ වර්ජනය අද (30) දිනත් ක්‍රියාත්මක වේ. අද කාර්යාල දිනයක් බැවින් දුම්රියෙන් තම රාජකාරි සදහා යාමට පැමිණි මගින් විශාල පිරිසක් මෙන්ම පාසල් දරු දැරියන් දැඩි අසිරුතාවයට පත් වී සිටි අයුරු දැකගහ හැකියි.

    මේ අතර ,රජයේ විධායක නිලධාරි සංගමය,පරිපාලන නිලධාරි සංගමය හා ගුරු විදුහල්පති සංගමය ද මේ වන විට වෘත්තිය අරගලවල නිරතවමිනි සිටිති.

    දැනට පවතින වැඩවර්ජන සම්බන්ධයෙන්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස් වු විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්විමේ දි මේ පිළිබඳ සොයා බැලිම සඳහා මෙම අමාත්‍ය අනුකමිටුව පත් කරනු ලැබිය. 

    5

    2

    3

    Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2019 10:27

    Latest News