සංවර්ධනයේ නව පියවරක් ලබන දෙසැම්බර් මාසයෙන් පසුව; ජනපති

සැප් 28, 2019

    රට වශයෙන් කි‍්‍රයාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළේ මෙන්ම පොළොන්නරුව සංවර්ධනයේ ද නව පියවරක් ලබන දෙසැම්බර් මාසයෙන් පසුව තබන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (28) පස්වරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමිනි. විශ‍්‍රාම යාමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර රට සහ ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාමට තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

    එමෙන්ම ජනාධිපතිතුමා වැඩදුරටත් සඳහන් කළේ ඉතිහාසයට එක්වන සුවිශේෂ වැඩකොටසක් තමන් ඉකුත් පස් වසර තුළ පොළොන්නරුව දිස්ති‍්‍රක්කය වෙනුවෙන් ඉටු කළ බවයි. පොළොන්නරුව ඉසිපතන සුබසාධන සංගමයේ ප‍්‍රජා ශාලාව ජනතා අයිතියට පවරාදීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර උතුරු, උතුරු මැද දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක පොළොන්නරුව ඉසිපතන විහාරාධිපති පූජ්‍ය උඩගම ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ මහතා ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News