කල්පිටිය ප්‍රදේශයේ දී කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් 06 දෙනක් අත් අඩංගුවට ගෙන තිබේ.

මොනරාගල, දික්කන්ද යාය ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී අඩි හැටකට වඩා උස ගල්තලාවක් මත සූක්ෂමව වගා කර තිබූ ගංජා වගාවක් වටලා එක් සැකකරුවක් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය, නගර්කොවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ මුහුදේ පාවෙමින් තිබූ තෙත සහිත කේරළ ගංජා කිලෝග්‍රෑම් 281 කට ආසන්න ප්‍රමාණයක් හමුව තිබේ. නාවික හමුදාව කළ මුර සංචාරයක දී මේවා සොයා ගැනිණ.

ත්‍රිකුණාමලය, පොඩුවකට්ටු ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම, වංකාලේ වෙරළ තීරයේ නාවික හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 12 ක පමණ ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

කේරල ගංජා කිලෝ 92ක් යාපනය,මානිපායි,උඩුවිල් ප්‍රදේශයේ දී යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

කන්කසන්තුරය මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 157ක් නාවික හමුදා අත්අඩංගුවට ගැනිණ.ඇසුරුම් පහක බහා මුහුද අභ්‍යන්තරයේ සඟවා බෝයාවක් මගින් එම ස්ථානය සළකුණු කර තිබියදී කේරළ ගංජා කිලෝ 43 ග්‍රෑම් 400 ක ප්‍රමාණයක් හමුවී තිබේ.

තණමල්විල,බලහරුව සූරියගොඩ ප්‍රදේශයේ දී ගංජා වගාකර තිබූ හේනක් ඊයේ වටලනු ලැබීය.  ඒ මොණරාගල විශේෂ පොලිස් එක්කය විසින්. 

යාපනය නගරය ආශ්‍රිත ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ කේරළ ගංජා කිලෝග්‍රෑම් 04.210 ක් නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

තලෙයිමන්නාරම ප්‍රදීපාගරයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී කිලෝග්‍රෑම් 80ක් සහ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා බාරයට ගෙන තිබේ. ඒවා මුහුදේ පාවෙමින් තිබී ඇති අතර පාර්සල් හතරක අසුරා තිබූ බවයි නාවික හමුදාව පවසන්නේ.

Latest News