අනුර කුමාරගේ සහයට තවත් සංවිධානයක්

සැප් 17, 2019

    ඉදිරි ජනාධිපතිවරණයේදි කදුකර සහෝදරත්ව ව්‍යාපාරයේ සහයෝගය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ලබා දිමට තිරණය කර තිබේ.

    කදුකර සහෝදරත්ව ව්‍යපාරයේ සහයෝගය පිරිනැමීම සම්බන්ධයෙන් දැනුවත් කිරිමට ඊයේ පැවති මාධ්‍යය හමුවක් දී එහි ජාතික කැදවුම්කරු මුණියන්ඩි කාලිදාස් මහතා පැවසිය.

    වතුකරයේ ජනතාවගේ වර්තමානයේ පවතින ගැටළුවලට විසදුම් ලබා දිමට හැකි එකම ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර දිසානායක මහතා බැවින් තම ව්‍යාපාරයේ සහයෝගය එම ඔහුට ලබා දිමට තිරණය කර ඇතැයි කියා සිටියේය.

    ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා දැනට ඉදිරිපත් වි සිටින ගොඨාභය රාජපක්ෂ මහතා හෝ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වනවා යැයි කියන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වතු කම්කරුවන්ගේ ගැටළු වලට ස්ථිර විසදුම් ලබාදෙන බවට මේ වන තෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැති බව ඔහු අවධාරණය කලේය. ඉතිහාසයේ මේ රට පාලනය කල නායකයින් වතු කම්කරුවන්ව මුලා කල ආකාරයටම එම අපෙක්ෂකයින් දෙදෙනාද වතු කම්කරුවන්ට කිසිදු සාධාරණයක් ඉටු නොකරන බවට තම ව්‍යාපාරය තුල විශ්වාසයක් පවතින්නේ යැයි කියා සිටියේය.

    Latest News