Fake News දැඩි දඩුවම් දෙන්න නීති හදනවා..ඇමති තලතා

සැප් 17, 2019

    අසත්‍ය ප්‍රචාරවලට දැඩි දඩුවම් ලබා දීමේ නීති මේ දිනවල සකස් කරමින් යන බව අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය පවසයි. අසාත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරන පිරිස් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට මේවා සිදුකරන බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයි..

    "දැන් සමහර අය මේ වන විට අසාත්‍ය ප්‍රචාර Fake News ප්‍රචාරය කරනවා. අපි ඒකට අවශ්‍ය නීති ගේනවා. අසාත්‍ය ප්‍රචාරවලට දැඩි දඩුවම් ලබා දීමේ නීති මේ දවස්වල සකස් කර ගෙන යනවා.පසුගිය දවසක රත්නපුර කලාපයේ පාසලක ළමයින් හෙල්මට් දා ගෙන පන්තියේ ඉන්නවා මුහුණු පොතේ දාලා තිබුණා.අපි පරීක්ෂණයක් ඉල්ලුවා.

    මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න මේවා කරන්නේ.ඉතිං ආණ්ඩුව කීයටවත් අපහසුතාවයට පත් වෙන්නේ නැහැ.අපි සදාකාලිකව ඉන්න ඇවිල්ලාවත් නැහැ.අපි ඉන්න එහෙම බලාපොරොත්තුවක් නැහැ.පුංචි දරුවකුගේ ඔලුවට හෙල්මට් එකක් දාන කොට දරුවා බලනවා මොකද මේ මගේ ඔළුවට හෙල්මට් එකක් දාන්නේ කියලා.

    ඊයේ පෙරේදා ෆේස් බුක් එකේ තිබුණා කල්තොට, දියවින්න පැත්තේ කට්ටියක් කම්බියක් දිගේ ගඟ තරණය කරනවා. අපි පාලම් හතරක් දාලා තියෙනවා. මේවා ඉතිං අපි කාට කියන්නද මොකටද මේ විදිහට දේශපාලනය කරන්නේ. දේශපාලනය ඔළුවේ තියා ගෙන වැඩ කරන්න හොද නැහැ. අසත්‍ය ප්‍රකාශන දිගින් දිගටම කර ගෙන යනවා. මේ රජය ආව ගමන් හැදුවේ මාධ්‍ය නිදහසයි. වැඩියෙන්ම විවේචනයට ලක් වෙන්නේ ජනාධිපතිතුමා අගමැතිතුමා අමාත්‍ය මණ්ඩලයේ අපියි.

    අපි ඕනම දේකට සුදානම් වෙලා වැඩ කරන අයයි. අපි මේ කටයුතු කරන්නේ මේ රටේ අනාගතය ගැන හිතලයි. අපි ලොකු සභ්‍යත්වයක් ගැන කථා කරනවා. ඉතිහාසයක් ගැන කථා කරනවා. සිංහල බෞද්ධ කම් ගැන කථා කරනවා. ළගම පාසල හොදම පාසල් ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ පාසල්වල මේ අනවශ්‍ය තදබදය නවත්වන්න. අපි අපේ වගකීම හරියාකාරව ඉටු කරනවා. අපි මේවා කරන්නේ ඔබේ හෙට දවස වෙනුවෙන් බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය."

    ඇය මේ බව ප්‍රකාශ කළේ, බලංගොඩ කුමර විද්‍යාලයේ නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

    Last modified on අඟහරුවාදා, 17 සැප්තැම්බර් 2019 12:28

    Latest News