රට දුප්පත් වූවත් රටේ පාලකයින් පොසත් - අනුර කුමාර

නොවැ 05, 2019

    රට දුප්පත් වූවත් මේ රට පාලනය කරන පාලකයින් පොසත් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසිය.

    අනුර කුමාර දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ හගුරන්කෙත රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විමක් අමතමිණි.

    මෙහිදි අදහස් දැක් වු අනුර කුමාර දිසානායක මහාතා..........

    අපේ රට සියළුම විනාශයන් වලට මුහණ දිලා තියෙන්නේ, දැන් අපි මොකක්ද කල යුත්තේ? අපේ රට වෙනස් කල යුතුයි. මේ විනාශ වෙමින් යන රට බේරා ගැනිමට නම් නොවැම්බර් මස 16 වෙනිදා ජනතාවට අලුත් තින්දුවක් ගන්න වෙනවා. පැරදිච්ච, යටගිය එ දේශපාලන කදවුරු දෙක ප්‍රතික්ෂේප කර නව දේශපාලනයක් මේ රටේ ස්ථාපනය කල යුතුයි. අපි ඔබට සහතිකයක් දෙනවා මේ විනාශ වෙමින් පවතින රට අපි හදනවා, අපේ රට දුප්පත් රටක් බවට පත් වෙලා ඉවරයි, ඒ වුනාට රට පාලනය කරන පාලකයෝ දුප්පත්ද ? රට දුප්පත් පාලකයෝ පොසත්, රට දුප්පත් ජනාධිපති අගමැති පොසත්, රට දුප්පත් නම් පාලකයොත් දුප්පත් වෙන්න එපැයි? එ විතරක් නෙවෙයි රට ණය වෙලා තියෙන්නේ , ණය ගෙවා ගන්නත් බැරි ආරථිකයක් අපිට දැන් තියෙන්නේ, ණය ගෙවන්නත් ණය ගන්න වෙලා තියෙනවා. රජයේ භාණ්ඩාගාරයේ ගිණුම හිස්, හැබැයි පාලකයන්ගේ ගිණුම් පිරිලා, පාලකයන්ගේ වත්කම් වැඩිවෙලා.

    රටත් පොසත් වෙලා පාලකයත් පොසත් වුණාට කමක් නැ , එවුනාට අපේ රටේ වෙලා තියෙන්නේ රට දුප්පත් පාලකයා පොසත්, රටේ ගිණුම හිස් පාලකයන්ගේ ගිණුම් පිරිලා. රටේ වත්කම් තමයි පාලකයන්ගේ ගිණුම්වල තියෙන්නේ, එ නිසා පාලකයන්ගේ ගතිගුණ වෙනස් වෙන්නේ නැතිනම් දඩුවම් ලබා දෙන්න ඕනි, එනිසා නව දේශාපලනයක් මේ රටට අවශ්‍යයි එ සදහා මම තමුන්නාන්සේලාට ආරාධනා කරනවා මේ රට වෙනස් කිරිම සදහා යැයි ඔහු කියා සිටියේය.

     

     

     

     

     

     

     

     

    Latest News