මනුෂ්‍යයා ආගමික ජිවිතයෙන් ඈත්ව පරිභෝජනවාදය වෙත යොමුවෙමින් සිටී (වීඩියෝ)

සැප් 08, 2019
  • මනුෂ්‍යයා ආගමික ජිවිතයෙන් ඈත්වීමේ ප්‍රවණතාවක් අද වනවිට දක්නට ලැබෙන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූහ.

    විවෘත ආර්ථිකයත් සමඟ එම තත්වය ශ්‍රී ලංකාවට ද පැමිණි බව කළුතර කලමුල්ල ශාන්ත මරියා දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයකට සහභාගි වෙමින් උන් වහන්සේ තවදුරටත් පැවසූහ. එය ලෝකය තුළ පරිභෝජනවාදී සංකල්පය ලෙස මුල්බැස ගෙන ඇති බව ද කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්හ. වසර 40ක පමණ කාලයක සිට මනුෂ්‍යයා බොහෝ දුරට ආගමික ජීවිතයෙන් ඈත්වීමේ ප්‍රවණතාවක් දක්නට තිබෙනවා. ඒක ලෝකයේ බොහෝ රටවල සිදුවන දෙයක්. ඒකට හේතුව මනුෂ්‍යයා විසින් ආත්මාර්ථකාමී ආර්ථික ප්‍රතිපත්ති තමන් වෙත ළඟා කර ගැනීමයි. මේකට කියන්නේ පරිභෝජනවාදයයි. හරියට ඒක පළඳනාවක් වගේ. සමහරක් අය ආගම පාවිච්චි කරන්නේ තමන්ට කිසියම් දෙයක් ලබාගැනීමේ අවස්ථාවක් ලෙසයි. බොහෝ පිරිස් දේවස්ථානවලට පැමිණියත් ආගමික මෙහෙයන්ට සහභාගි වන්නේ නැහැ. වෙනත් කාර්යයන්වල නිරත වෙනවා. මේ දැන් වනවිට දකින්නට ලැබෙන සුලභ තත්වයක්. ආගම කියන්නේ පිළිවෙතක් කියන මට්ටමට පැමිණ තියෙනවා. පිළිවෙත් අවශ්‍ය වනවා නමුත් අත්‍යවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරීමයි. විශේෂයෙන්ම විවෘත ආර්ථික ක්‍රමය මෙරටට හඳුන්වා දීමෙන් පසු තමයි ආගමික ජිවිතයෙන් ඈත්වීමේ ප්‍රවණතාවක් ආරම්භ වුණේ.

    Last modified on ඉරිදා, 08 සැප්තැම්බර් 2019 17:45

    Latest News