කාදිනල් හිමියන් පාස්කු ප්‍රහාර ගැන සොයන ජනපති කොමිසමට

දෙසැ 06, 2019

    අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කුඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණියේය.

    ඒ සාක්ෂි ලබා දීම සඳහා අද (06) පස්වරු 02.00ට කොමිසම හමුවේ පෙනීසිටින ලෙස කාදිනල් හිමි වෙත සිදුකළ දැනුම්දීමකට අනූවයි. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කර තිබේ.

    අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් කොමිෂන් සභාව වෙත, ප්‍රහාර මාලාවට අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබුණි.

    Last modified on සිකුරාදා, 06 දෙසැම්බර් 2019 14:22

    Latest News