Face book සාදයේ මත්ද්‍රව්‍ය සමඟ 04ක් මාට්ටු

සැප් 08, 2019

    හැටන් නගරයේ ප්‍රධාන උත්සව ශාලාවක තරුණ තරුණියක් පිරිසක් සහභාගි කර ගනිමින් පැවැත් වු සාදයකදි කේරල ගංජා, මත්ද්‍රව්‍යය සහ මත් පෙති සමග සැකකරුවන් සිව්දෙනෙක් ඊයේ (08) රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.

    මුහුණු පොතේ මිතුරු මිතුරියන් එක් කරගනිමින් ඊයේ දහවල් 12 සිට ඊයේ මධ්‍යම රාත්‍රිය දක්වා මෙම සාදය පත්වා ඇත. එය හැටන් ප්‍රදේශයේ පදිංචි තරුණයන් පිරිසක් විසින් සංවිධානය කර තිබුණි.

    සාදය පැවැත්වෙන අතරතුර හැටන් සහ නුවරඑලිය සුරාබදු කාර්යයාලයේ නිලධාරින් එක්ව සිදු කල හදිසි වැටලිමකදි කේරල ගංජා සන්තකයේ තබාගත් තරුණයන් සිව්දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර , එම උත්සව ශාලාවේ විසිකර දමා තිබු තවත් කේරල ගංජා මිලිග්‍රැම් 5900 ක්, කොකෙන්, මත්පෙති තොගයක්ද සහ හදුනා නොගත් මත්ද්‍රව්‍යයද සුරාබදු කාර්යයාලයේ නිලධාරින් භාරයට ගෙන ඇත.

    දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට එම සාදය සදහා වයස අවුරු 16 ත් 30 අතර වයස් කාණ්ඩවල පසුවන තරුණ තරුණියන් 400 දෙනෙකු පමණ සහභාගි වි සිටි බව වැටලිම සිදු කල සුරාබදු නිලධාරින් කියා සිටි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් රාවණාගොඩ, පිලියන්දල, මහනුවර සහ පානදුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

    මෙම සාදයට සහභාගි වු ඇතැම් තරුණ තරුණියන් ඔහුන්ගේ දෙමව්පියන්ද එක කර ගනිමින් එම සාදයට සහභාගි වි සිටි බව හැටන් සුරාබදු කාර්යයාලයේ ස්ථානාධිපති අයි. ජේ. ඒ. පෙරේරා මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේය. මෙවැනි සාද පැවැත්විම තුලින් ඇතැම් තරුණ තරුණියන් මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වන බවත්, එ පිලිබදව දෙමව්පියන් දැඩි සැලකිල්ලෙන් සිටිය යුතු බව ඔහු පෙන්වා දුනී. මෙවැනි සාද වලට දරුවන් සහභාගි විමෙන් සදාචාරය සහ සංස්කෘතියටද දැඩි හානියක් සිදු වන බව සුරාබදු ස්ථානධිපතිවරයා කියා සිටියි.

     

     

     

    Latest News