අත්අඩංගුවට පත්වීම පුද්ගල කීර්ති නාමයට හා සමාජ තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල කරන හෙයින් ඒ සම්බන්ධව කටයුතු කිරීමේ දී ඉතා සුපරික්ෂාකාරීව හා දැඩිව නීතියට අනුකූලව ක්‍රියාකරන ලෙසට පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය පරිදි දෙදින රාජ්‍ය චාරිකාවක් සඳහා අද (28) දහවල් ඉන්දියාව බලාපිටත් වේ.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තවත් රටවල් රැසක් සුභාසිංශන එක්කර තිබේ.

ජනාධිපති,ත්‍රිවිධ හමුදා සේනාධිනායක හා ආරක්ෂක ඇමති ලෙස රටත් ජනතාවත් දරු පරපුරත් ආරක්ෂා කිරීමට කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්, සමෘද්ධිමත් ආර්ථිකයක්, ආදරණීය මාතෘභූමිය තුළ ගොඩනැගීමටත් ලෝකයේ විශිෂ්ඨ රාජ්‍යයක් ලෙස ගොඩනැගීමටත් තමාගේ ඉදිරි අනාගත සහය පිරිනමන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතමින් කියා සිටියි.

දකුණ ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණ හෙට විවෘත කෙරෙයි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි ජාතික සම්මේලනය පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

අප්‍රේල් මස 8වැනිදා පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති රැස්වීමේ දී අප්‍රේල් 21 පාස්කුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපති දැනුවත් කළ බවට පළවල සියළුම දෙස් විදෙස් මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

ජනාධිපතිවරණයට නැවත වරක් තරග කිරීමට ඇල්ජිරියාවේ වත්මන් ජනාධිපතිවරයා තීරණය කිරීමත් සමග දැඩි විරෝධතාවක් හට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් කැපවීමෙන් රාජකාරී කළ පොලිස් නිලධාරීන් ඇගයීමට ලක් කිරීම අද සිදු කෙරේ.

Latest News