ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක; අනුර කුමාර දිසානායක (විඩියෝ)

අගෝ 18, 2019
  • ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද තෝරා ගනු ලැබීය.

    ඒ, ගාලු මුවදොර පිටියේ පැවති ජන හමුවේදී. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සංවිධාන 28 කින් සමන්විත ජාතික ජල බලවේගය ගාලු මුවදොර පිටියේ දී අද ජනහමුවක් සංවිධාන කර තිබිණි. එහිදී එම සංවිධානයේ ජනාධිපති ධූර අපේක්‍ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත් කර ගැණින. 

    එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා...

    “මාව යෝජනා කරන ලද ජාතික ජනබල වේගයටත්, ඒ කෙරෙහි විශ්වාසය තබන මේ රටේ පොදු මහජනයාටත් මම සහතික කොට ප්‍රකාශ කරනවා ඔබ මා කෙරෙහි තිබෙන විශ්වාසය, ඔබ මා කෙරෙහි තියෙන බැඳීම, අඹමල් රේනුකින්වත් හානියට බඳුන් වෙන්න ඉඩ නොදෙන බව සහතික කරනවා ඔබ ඉදිරියේ. අදින් මේ අරඹන සටන සහතික වශයෙන් ජයග්‍රහණයෙන් කෙළෙවර කරන බව, සපත කර සිටිනවා. මෙය අනිවාර්යෙන්ම ජයග්‍රහණයෙන් කෙළවර කළ යුතු සටනක්. මේ රටේ සියලු ජනයාට අපි ආරාධනා කරනවා ඔබ මේ නිශ්චිත සන්ධිස්ථානයේ දී තෝරා ගතයුතු වන්නේ කවර මාවත ද යල් පිනූ, අසාර්ථක වූ, විනාශකාරීත්වයේ මාවත ද ජනතාවට සතුට, සැපත, නිදහස ගෙන දෙන සෞභාග්‍යයේ මාවත ද අපි ආරාධනා කරනවා හැම දෙනාටම මෙම නිශ්චිත මධ්‍යස්ථානයේ දී සෞභාග්‍ය මාවත කරා නැගිටිමු අපි එක්වෙමු කියලා මම ආරාධනා කරනවා. අප කෙරෙහි ඔබ තබන විශ්වාසය කවදාවත් ඵළඳු නොකරන බව අපි ඔබ ඉදිරිපිට සහතික වෙමු. මෙතෙක් විවිධ දේශපාලන ව්‍යාපාරවලට හඬනගන්න ඇති. ඡන්දේ දෙන්න ඇති. ඒකරාශී වෙන්න ඇති. අපි සියලු ජනකොටස්වලට ආරාධනා කරනවා මේ ව්‍යසනයෙන් රට මුදවා ගැනීම සඳහා ඔබ වෙනස් විය යුතුයි. ඔබ වෙනස් වෙන්නේ නැත්නම් මේ රට වෙනස් වෙන්නේ නැත. මෙය වෙනස් කළ හැකි වන්නේ සියලු ජනතාව වෙනස් වෙන්න සූදානම් නම් පමණි. අන්න ඒ වෙනස වෙනුවෙන් අපි වැඩ කරමු. ඒ වෙනුවෙන් අපි එකතු වෙමු. ඒ වෙනුවෙන් අපි හඬ නඟමු ඒ සඳහා මේ සටන ගම් නියම්ගම් හරහා අපි ගෙන යමු“ යැයි අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    Last modified on සදුදා, 19 අගෝස්තු 2019 10:42

    Latest News