ජන විමුක්තියේ විරු සැමරුම

නොවැ 14, 2022

    ඉල් මහ විරු සමරුව සහ සමරු ගී ප්‍රසංගය විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී ඊයේ සවස පැවැත්වුණා. මෙවර එය පැවැත්වුණේ 33 වැනි වරටයි.

    ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු පක්ෂය වෙනුවෙන් දිවිපිදූ සියලු සාමාජිකයන් සිහි කරමිනුයි, මෙම ඉල් මහ විරු සමරුව වාර්ෂිකව සංවිධාන කෙරෙන්නේ.

    ඉල් මහ විරුවන් සිහි කරමින් ඉදි කරන ලද ස්මාරකයට මල් කළඹ තබා පහන් දල්වමින් ආචාර දැක්වීමට පක්ෂ සාමාජිකයන් කටයුතු කළා.  ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් මිට එක්ව සිටියා.

    දිවි පිදූ අයගේ පවුල්වල සාමාජිකයන්ද තම ඥාතීන් සිහි කරමින් පුෂ්පෝපහාර දැක්වූවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ තම පක්ෂය පමණක් බව, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළා.     

    Latest News