උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමට ජර්මනියෙන් යුරෝ මිලියන 4ක්

අගෝ 19, 2019

    උතුරු හා නැගෙනහිර පළාත්වල බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන සඳහා තවත් යුරෝ මිලියන 4ක ප්‍රදානයක් සිදු කිරීමට ජර්මනිය එකඟවී තිබේ.

    ෆෙඩරල් ජාර්මන් විදේශ කටයුතු කාර්යාලය එම තීරණයට එළඹ ඇත්තේ, වසර 2020 වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර කලාපයක් බවට පත් කිරීමේ වැඩසටහනට අනුබලදීමක් ලෙසයි. නව ප්‍රදානයන් සිදු කෙරෙන්නේ, උතුරු හා නැගෙනහිර පලාත්වල බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත හලෝ ට්‍රස්ට් හා එම්.ඒ.ජී නමැති රාජ්‍ය නොවන සංවිධාන දෙකටයි.

    හලෝ ට්‍රස්ට් සංවිධානය යාපනය, කිලිනෝචචි හා මුලතිව් දිස්ත්‍රික්කවල බිම් බෝම්බ ඉවත් කිරීමෙහි නිරතවී සිටින අතර එම්.ඒ.ජී. සංවිධානය වසර 2ක කාලයක් සඳහා එම ක්‍රියාදාමායෙහි නිරතව සිටින්නේ, මන්නාරම, ත්‍රිකුණාමලය, කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවලයි. ආසන්න වශයෙන් රුපියල් මිලියන 800ක් පමණ වන මෙම ප්‍රදානය බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා අවශ්‍ය දැනුම, වර්ධනය සහ පුහුණු කටයුතු සඳහා ද යොදා ගැනීමට නියමිතයි. පුද්ගල නාශක බෝම්බ ඉවත් කිරීමේ ඔටාවා සම්මුතියට අනූව වසර 2020 වන විට බිම් බෝම්බ වලින් තොර කලාපයක් බවට පත් කිරීමට ශ්‍රී ලංකාව එකඟවී තිබෙන්නේ.

    Last modified on සදුදා, 19 අගෝස්තු 2019 07:49

    Latest News