ජවිපෙ අපේක්ෂාවේ අපේක්ෂාව - අද ගාලු මුවදොරදී

අගෝ 18, 2019

    ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමේ ජාතික ජන බලවේගය රැළිය අද (18) පස්වරුවේ ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ.

    ජනතා විමුක්ති සිය අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සුදානම් වන්නේ වසර 20කට පසුවයි. 'ජාතික ජන බලවේගය' නමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ අපේක්ෂකයකු ඒ අනුව 2019 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට නියමිතයි.

    ජනාධිපතිවරණයකට ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයකු මීට ඉදිරිපත්වුයේ 1999 වසරේදීය. ඒ සඳහා තරග කළ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක නන්දන ගුණතිලක එහි 3 වෙනි ස්ථානයට පත්විය. ඉන් අනතුරුව 2005 වසරේ පැවති ජනාධිපතිවරණයට ඔවුන් ඉදිරිපත් නොවු අතර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සහය පිරිනැමීය.ඒ ඔහු සමග ගිවිසුමකට එළඹෙමින්ය. ඉන් අනතුරව 2010 වසරේ පැවති ජනාධිපතිවරණයේදී විපක්ෂයේ අපේක්ෂකයා වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට සහාය ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කළේ මහින්ද රාජපක්ෂ මහතාට එරේහි බලවේගයක් ලෙසිනි.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ 2015 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ අතර විපක්ෂයේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට මහතාගේ ජනපති සටනට සහය පිරිනැමීය.මෙම ජනාධිපතිවරණයේදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරාජයට තීරණාත්මක සාධකයක් වූ ජනතා විමුක්ති පෙරමුණ ඔහුට එරෙහිව ගෙන ගිය "දූෂණ විරෝධී" ප්‍රචාරක ව්‍යාපාරය කැපී පෙනුණි.

    jvprallyfalleface1 px 900 1

    (ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ අදහස් පළ කළේ එම පෙරමුණේ මුලස්ථානයේ සිකුරාදා (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.....

    රාජපක‍ෂ දේශපාලන කඳවුර නියෝජනය කරනු ලබන්නේ නීතිය නොසලකන පිරිසක්. දූෂිතයින් පිරිසක්. දේශපාලනය පාදඩකරණය කළ පිරිසක්. රටේ කුමන හෝ අපරාධයකට සම්බන්ධ පිරිසක්. එනිසා එම දේශපාලන සංස්කෘතියම පරාජයට පත්කළ යුතුයි. එනිසාම 2015දී එම කඳවුරට එරෙහිව ඡන්ද ලක‍ෂ 62ක් ලබාදුන්නා. එම ඡන්දවලින් බලයට පැමිණි වර්තමාන පාලනය එම දේශපාලන සංස්කෘතිය පරාජයට පත්කළේ නැහැ. එම දේශපාලන සංස්කෘතියම පවත්වාගෙන ගියා. එය නැවත නැවත සිදුවිය යුතු නැහැ. රාජපක‍ෂ අශිෂ්ට දේශපාලන සංස්කෘතිය පරාජයට පත්කළ හැක්කේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට පමණයි.

    දැන් ජනතා විමුක්ති පෙරමුණ සුදානම් වන්නේ රාජපක්ෂ කඳවුර සහ එක්සත් ජාතික පක්ෂ කඳවුරු යන දෙකම පරාජය කිරීම සඳහාය. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණට සහය දෙන සිවිල් සංවිධාන එකතුවකින් 'ජාතික ජන බලවේගය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ඔවුන් පිහිටුවා ගෙන තිබේ.

    මහින්ද රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් 2005දී 2010 හා 2015 ජනාධිපතිවරණවල රාජපක්ෂ කඳවුරට එරෙහිව තම දේශපාලනය සිදුකළ ජනතා විමුක්ති පෙරමුණ 2019 ජනාධිපතිවරණයේද රාජපක්ෂ පවුලේ අපේක්ෂකයා පරාජය කිරීමට තම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනු ඇතැයි පවසමින් දේශපාලන විචාරකයන් අදහස් පළකර තිබිණි. විශේෂයෙන්ම 2018 ඔක්තෝබර් මාසයේ ඇතිවූ දේශපාලන අර්බුදය අතරතුර ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂ කඳවුරට එරෙහිව දැඩි ලෙස පෙනී සිටීම ඊට හේතු ලෙස ඔවුන් දක්වා තිබුණි.

    (ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ අදහස් පළ කළේ එම පෙරමුණේ මුලස්ථානයේ සිකුරාදා (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.....)

    රාජපක‍ෂ දේශපාලනයට එරෙහිව තිබෙන එකම මධ්‍යස්ථානය ජාතික ජන බලවේගයත් එයින් ඉදිරිපත් වන අපේක‍ෂකයා ප්‍රමුඛ කඳවුරත් පමණයි. ඒ වෙනුවට වෙනත් පුද්ගලයින් යෝජනා කිරීම හෝ නැවත 2015ට යෑම මේ මොහොතේ යථාර්ථය නෙමෙයි. ඒ වගේම දේශපාලනයෙන් තොර අපේක‍ෂකයෙක් ඉදිරිපත් කළ යුතු යැයි සංවාදයක් තිබෙනවා. අපේ රටේ විවිධ පුද්ගලයින්ට පීඩාකාරී අත්දැකීම් තිබුණු පමණින් උපාධියක් තිබුණු පමණින් රටක් වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. එවැනි පුද්ගලයින් වටා පරිණත දේශපාලන කණ්ඩායම් නැත්නම් ඔවුන්ට ප්‍රතිපත්තියක් නැත්නම් ගම් මට්ටමට දිවෙන පරිපාලන ව්‍යුහයක් නැත්නම් රටක් සංවර්ධනය කරන්නේ කොහොමද..? එය කළ හැක්කේ මහජන ව්‍යාපාරයකට පමණයි. දේශපාලන පක‍ෂ අදාළ නැහැ කියන කතාව ශ්‍රීලනිපයට එජාපයට, පොදුජන පෙරමුණට අදාළ වෙන්න පුළුවන්. නමුත් අපට අදාළ නැහැ. රටට අලූත් ආදර්ශයන් පෙන්වපු, සංවිධාන විනයක් සහිත ව්‍යාපාර විශාල ප්‍රමාණයක් හා එක්වුණු ජනතා මධ්‍යස්ථානයක් දැන් ගොඩනගා තිබෙනවා. එම මධ්‍යස්ථානය වටා එක්වීම හැර ජනතාවට වෙන විකල්පයක් නැහැ. එම මධ්‍යස්ථානය ජාතික ජන බලවේගයයි. ජාතික ජන බලවේගයේ අපේක‍ෂකයා 18වැනිදා අපි රටට හඳුන්වා දෙනවා".

    Last modified on ඉරිදා, 18 අගෝස්තු 2019 12:13

    Latest News