ඇල්ල ත්‍රී රෝද රථයක් පෙරලී පිය පුතු මරුට

අගෝ 18, 2019

    ඇල්ල -ගඹරගල ප්‍රදේශයේදී බල්ලකොටුව දෙස සිට පිටපොල දෙසට ධාවනය වු ත්‍රීරෝද රථයක් මීටර් 350ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් දෙදෙනෙකු මියගොස් තිබේ.

    ඊයේ (17) රාත්‍රී 8.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

    ඒ අනුව අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ රියදුරු හා ඔහුගේ පුතෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මොවුන් මෝදර රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් සිට ඇත.

    මැදපාත, හෙලපුපුල ඇල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සහ 8 හැවිරිදි පිය පුතු දෙදෙනෙක් මෙලෙස මිය ගොස් ඇත. බරපතල තුවාල ලබු ළමුන් දෙදෙනෙක්ද බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

    ඔවුන් අවුරුදු 12ක් සහ අවුරුදු 8ක් වයසැති පිරිමි ළමුන් දෙදෙනෙක්.

    Latest News