කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම සේවා වසම් 82ක් අතරින් පහත ග්‍රාම සේවා වසම් 19 හැර ඉතිරි ග්‍රාම සේවා වසම් 63 මේ මොහොතේ සිට හුදකලා බවෙන් නිදහස් කිරීමට තීරණය කර තිබේ.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා අමු කහ කිලෝවක් රුපියල් 400ක මුදලකට ගොවීන්ගෙන් මිලදී ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු මත සහරාන් සමග නුවරඑළිය හා හම්බන්තොට පුහුණුව ලැබූ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් (JMI) සංවිධානයේ තවත් 3ක් අම්පාරේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නය සඳහා වී මිල දී ගැනීම ඊයේ ආරම්භ විය. ඒ, අක්කරපත්තුව වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවේදී.

Latest News