ශ්‍රි පාදස්ථානයේ අභිමානයට නල්ලතන්නියේ අලංකාර තොරණක්

අගෝ 15, 2019

    ශ්‍රි පාදස්ථානයේ අභිමානය සංකේතවත් කිරිම සදහා නල්ලතන්නිය නගරයේ අලංකාර තොරණක් ඉදි කිරිමට පියවර ගෙන තිබේ.

    නල්ලතන්නියේ ශ්‍රි පාද බෞද්ධ මධ්‍යස්ථානය ආසන්නයේ ඉදිවන දර්ශනිය තොරණ ඉදි කිරිම් ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහ විහාරස්ථානයේ විහාරාධිපති , සබරගමුව පලාතේ ප්‍රධාන සංඝ නායක සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති අති පුජ්‍යය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (15) ආරම්භ වුහ.

    මහ සංඝ රත්නයේ පිරිත් සච්ඡායනා මධ්‍යයේ අද (15) උදසැන 9.05 යෙදුණු සුභ නැකතකට මෙම තොරණ ඉදි කිරිම ආරම්බ වු අතර විවිධ අයුරින් සහයෝගය දක්වන පිරිස එම අවස්ථාවට එක්ව සිටියේය.  ශ්‍රි පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය අසල අඩි 23 ක උසකින් සහ අඩි 30 පළලින් යුක්තව ශ්‍රිපාදස්ථානයේ අභිමානය විදහා දැක්වෙන පරිදි ප්‍රධාන මාර්ගය හරහා මෙම තොරණ ඉදිකෙරේ.

    පෞද්ගලික ව්‍යාපරිකයෙකුගේ මුල්‍ය අනුග්‍රහය, ශ්‍රි පාදස්ථානයේ දායක සභාවේ සහ පැල්මඩුල්ල රජ මහා විහාරස්ථානයේ දායක සභාවෙත්, නල්ලතන්නිය ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රදේශවාසින්ගේ සහයෝගය මත තොරණ ඉදි කිරිමට නියමිතයි. ශ්‍රි පාදස්ථානයේ පසු ගිය කාලය තුල සිදු කල සංවර්ධන කටයුතු වලට සමගාමිව මෙම තොරණ ඉදි කරන බවත්, මෙම තොරණ අසල ශ්‍රි පාදස්ථානයේ තොරතුරු මධ්‍යස්ථානයක්ද ඉදි කරන බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් පැවසූහ.

    ශ්‍රි පාද බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට ගමන් මාලිගාවක්ද ඉදි කිරිමට සැලසුම් කර ඇති බවත්, එම ගමන් මාලිගාවද සියළු පහසුකම් වලින් සමන්විතව ඉදි කිරිමට සැලසුම් කර ඇති බවත් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියහ.

    siripada thorana33 px 900 1

    siripada thorana1 px 900 19

    siripada thorana2 px 900 19

     

     

     

     

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2019 14:26

    Latest News