කුරුණෑගල සහ අම්පාර ග්‍රාම සේවා වසම් 63ක් හුදෙකලා තත්වයෙන් නිදහස්

මැයි 08, 2021

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම සේවා වසම් 82ක් අතරින් පහත ග්‍රාම සේවා වසම් 19 හැර ඉතිරි ග්‍රාම සේවා වසම් 63 මේ මොහොතේ සිට හුදකලා බවෙන් නිදහස් කිරීමට තීරණය කර තිබේ.

    එමෙන්ම, අම්පාර දිස්ත්‍රික්කයේ උහන පොලිස් බලප්‍රදේශයට අයත් කුමාරිගම ග්‍රාම නිලධාරි වසම ද මේ මොහොතේ සිට හුදකලා භාවයෙන් නිදහස් කිරීමට පියවර ගෙන ඇත.

    ඒ අනුව තවදුරටත් හුදෙකලා බව පවතින ප්‍රදේශ 19 වන්නේ, 

    *කුරුණෑගල දිස්ත්‍රික්කයේ

    -කුලියාපිටිය නගරය

    -අස්සැද්දුම

    -මීගහකොටුව

    -දික්හැර

    -දීගල්ල

    -කබලෑව

    -කිරින්දව

    -අනුක්කනේ

    -ඉහළ කලුගමුව

    -වෙලුගම

    -තබ්බෝමුල්ල

    -දණ්ඩගමුව බටහිර

    -දණ්ඩගමුව නැගෙනහිර

    -මඩකුඹුරුමුල්ල

    -ඉහළ වීරඹුව

    -පහළ වීරඹුව

    -කෝන්ගහගෙදර

    -තුන්මෝදර

    -කැටවල ගෙදර

    Isolated

    IMG 1563

     

    Last modified on සෙනසුරාදා, 08 මැයි 2021 08:44

    Latest News