විමල් කොටු කර ගැනීමට රිෂාඩ්ගෙන් උපක්‍රමයක් - SB ට ඒ හැන්දෙන්ම (වීඩියෝ)

ජූනි 07, 2019
  • හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා විසින් පොලිස් මූලස්ථානයට පැමිණ අද (07) පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබිණ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් පසුගිය දිනක සිදුකළ ප්‍රකාශයක් සම්බන්යෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා  මෙම පැමිණිල්ල ඉදිරිපත් කර  තිබේ. ජාතීන් අතර විරසකයක් ඇති වන ආකාරයට තමාට විරුද්ධව අසත්‍ය ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස ඔහු ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ. ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හා තමන් අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට සතොස ආයතනයේ වාහන යොදාගෙන නොමැති බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ප්‍රකාශ කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තමාට එල්ල කරන චෝදනා අසත්‍ය බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    "විමල් වීරවංශ මන්ත්‍රීතුමා වගකීම් විරහිත චෝදනාවක් එල්ල කරමින් ජාතීන් අතර ප්‍රශ්නයක් ඇති කරමින් විරසකයක් ඇතිකරලා, වෛරයක් ඇති කරන කුමන්ත්‍රණ චෝදනා කිහිපයක් මේ දවස්වල කරගෙන යනවා මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වන්න කියලා නීතිමය කටයුතු ගන්න කියලත් අපි පොලීසියට දැනටම පැමිණිල්ලක් දාලා තියනවා. අසත්‍ය චෝදනාවක් මේක. ත්‍රසත්වාදී සහරාන් එක්ක කිසිම ගණුදෙනුවක් අපිට නෑ..සහරාන්ව කවදාවත් මම දැකලත් නෑ.ඒ නිසා සතොස වාහනය පාවිච්චි කරලා, අමාත්‍යාංශ වාහන පාවිච්චි කරලා සහරාන් කරයි කියන දේවල් අසත්‍යයක්..එතුමා වෛදරයක් ඇතිකිරීමට කරන මේ කුමන්ත්‍රණයට එරෙහිව තමයි අපි මේ පැමිණිල්ල කළේ..ඒ වගේම හිටපු ඇමති එස්.බී.දිසානායක දින 52ක කුමන්ත්‍රණ ආණ්ඩුවක් හදලා ඒ වෙලාවේදී මාගේ පක්ෂයට ආරාධනා කළා ඇවිල්ල අමාත්‍යධුරය භාරගන්න, ආණ්ඩුවට සහයෝගය දෙන්න කියලා එතුමා ඉල්ලීමක් කළා ඒ දවස්වල. රටේ ජනතාව දන්නවා ඒක..නමුත් ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුවක් නෙවෙයි නිසා ඒක අපි සහයෝගය දුන්නේ නෑ..සහයෝගය නොදුන් නිසා ඒ වෛරය,තරහ නිසා එතුමා මේ දවස්වල ත්‍රස්තවාදීන් එක්ක අපිව සම්බන්ධ කරලා බොරු චෝදනාවක් කරගෙන යනවා..ඒකටත් අපි එස් බී දිසානායක ඇමතිතුමාට විරුද්ධවත් අපි පැමිණිල්ලක් කරලා තියනවා.."

    Last modified on සිකුරාදා, 07 ජූනි 2019 18:55

    Latest News