බල්ලකු සපා කෑ තුවාලයට මිරිස්කුඩු දැමු එක්දරු පියා මරුට

ජූනි 07, 2019

    සුනඛයකු සපා කැමෙන් පසු ප්‍රතිකාර ලබා නොගෙන සිටි අයෙකු දඹුල්ල රෝහලට ඇතුලත් කර පැය කීපයක් තුළ මියගොස් තිබේ.

    මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල දේවහුව හීනුග්ගල ශාන්ත අබේරත්න (46 ) එක්දරු පියෙකු බව පොලිසිය පවසයි. ශාන්ත අබයරත්න සුනඛයෙකු සපා කෑ බව ඔහු මීට මාස තුනකට පමණ පෙර මවට ප්‍රකාශ කර තිබේ. එ අනුව එයට වෛද්‍ය ප්‍රතිකාර නොගෙන වෙනත් ප්‍රතිකාරයක් ලෙස තුවාලයට මිරිස්කුඩු දමා සුව කරගන්නා ක්‍රියා කර ඇති බව ඥාතීහු හදිසි මරණ පරීක්ෂණයේදී පැවසූහ.

    ඔහු ශරීරයේ තුවාලයක් සිදු වූ විට ඔහු කිසිදු වෛද්‍ය ප්‍රතිකාර නොගෙන මිරිස්කුඩු එම තුවාලය සුව කරගන්නා අයෙකු බව ඥාතීහු පොලිසියට ප්‍රකාශ කර තිබේ.

    ඒ අනුව සුනඛයා සපා කෑමෙන් පසුව කිසිදු ප්‍රතිකාරයක් නොලබා සිටිය දී එක වරම බල්ලෙකු මෙන් ඇවිද යෑමට පටන් ගැනීමේ ව්‍යාකූල තත්ත්වයක් ඇති වු බවත් ඔහුගේ ඥාතිහු පවසති. ඔහු විසින් පේනවු ව්‍යාකුල තත්වය අනුව ඊයේ (06) දහවල් දඹුල්ල රෝහලට ඇතුළත් කොර ඇත. රෝහල් ගතකර ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර පැය කිහිපයක් ඇතුලත ශාන්ත අබේරත්න මියගොස් ඇතැයි හදිසි මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබේ.

    කුමන අවස්ථාවක හෝ සුනඛයෙකු සිරුරේ සපා කෑමකට ලක් වූයේ නම් ගලා යන ජලයෙන් සබන් දා සෝදා ළඟම ඇති රෝහලකට ඇතුලත් කිරිමෙන් ජීවිත අවදානමක් ඇති නොවන බව දඹුල්ල රෝහලේ උපදේශන කාර්යාලය පවසයි. කිසිදු වෙනත් ප්‍රතිකාර ක්‍රම සහ කිසිම ද්‍රව්‍යයක් තුවාලයට නොදැමිය යුත බව ඔවුන් පවසයි. සුනඛයා සපා කෑමෙන් මියගිය ශාන්ත අබේරත්නගේ ඥාතීන් ප්‍රජා වෛද්‍ය කාර්යාලයට ගෙන්වා උපදෙස් ලබාදීමට දඹුල්ල රෝහල ක්‍රියා කර තිබේ.

    dogbite1 px 900 19 06 07

    මියගිය සාන්ත අබේරත්න මහතා එක් දරු පියෙකි. ඔහුගේ බිරිඳ මේ වන විට විදේශ රටක ගෘහ සේවය සඳහා පිටව ගොස් තිබේ. දරුවා සිය මිත්තණිය සමඟ ජීවත්වන අතර ශාන්ත අබේරත්න තනිවම සිටින අයකු බව ඥාතීහු හදිසි මරණ පරීක්ෂණයේදී සඳහන් කර තිබේ.

    Last modified on සිකුරාදා, 07 ජූනි 2019 13:05

    Latest News