රිෂාඩ්, සාලි, හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි 4ක්

ජූනි 07, 2019

    රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි හා එම්.එල්. ඒ. එම්. හිස්බුල්ලාට එරෙහිව පොලිස් මූලස්ථානයේ ඇති කමිටුවට මේ වන විට පැමිණිලි 4ක් ඉදිරපත් වී ඇති බව වාර්තාවේ.

    රිෂාඩ් බදියුදින්, අසාද් සාලි හා එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට පොලිස් මූලස්ථානයේ ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවට ලබන 12 වැනිදා තෙක් පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

    ඒ සඳහා මේ වන විට ආපනශාලා හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති අසේල සම්පත් මහතා, නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න සහ ත්‍රස්ත විරෝධී ජාතික සභාවේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤලෝක හිමියන්, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

    බන්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව දෙහිවල ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක කමිටු සමාජිකයෙකු වන අජිත් ප්‍රසන්න මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

    එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතාට එරෙහිව කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    Last modified on සිකුරාදා, 07 ජූනි 2019 18:48

    Latest News