අන්තවාදයේ මුල් බීජය මුස්ලිම් සමාජය විසින්ම විනාශ කළ යුතුයි

මැයි 08, 2019

    අන්තවාදයේ මූලබීජය පවතින්නේ මුස්ලිම් සමාජය තුළ බැවින් එම මතවාදය වර්ධනයවීම වැළැක්වීමේ විශාල වගකීමක් මුස්ලිම් නායකයන් සතුව බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද ප්‍රකාශ කළා.

    අද (08) පස්වරුවේ මුස්ලිම් සමාජ විද්වත් ක්‍රියාකාරින් පිරිසක් එම පක්ෂ මුලස්ථානයේදි හමුවු අවස්ථාවේදි ඔහු මේ බව කියා සිටියා.

    පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ප්‍රහාරයෙන් පසුව ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව එහිදී දිර්ග ලෙස සාකච්ඡා කෙරුණි.ත්‍රස්තවාදී කළලයට උපත මුස්ලිම් සමාජය තුළ බිහිවි ඇති බැවින් මේය විනාශ කිරීමේදි මුස්ලිම් ප්‍රජාවගේ මතවාදය ප්‍රබල විය යුතු බව මන්ත්‍රීවරයා පැවසුවේය.

    අන්තවාදීන්ගේ මතවාදයට එරෙහිව මුස්ලිම් සමාජය තුළින් හඬක් නිර්මාණය විය යුතු අතර එය වර්ධනයට ඉඩ නොතබා පරාජයට පත් කළ යුතු බවද ඔහු එහිදි වැඩිදුරත් ප්‍රකාශ කළේය.

    Latest News