ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ජනාධිපති විද්වත් කමිටු වාර්තාව එළිදැක්වේ

මැයි 08, 2019

    ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ජනාධිපති විද්වත් කමිටු වාර්තාව එළිදැක්වේ.

    එම යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇත. රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් විද්වත් කමිටුව ප්‍රතිපත්තිමය නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මූල්‍ය හා ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීම ඵලදායී ක්‍රමෝපායික සැලසුමක් හා ව්‍යාපාර මෙහෙයුම් ආකෘතියක් සම්පාදනය ඇතුළු තවත් අංශ පිලිබඳව නිර්දේශ එහි ඇතුළත්.

    ශ්‍රී ලංකාව හා ජපානය අතර, ආරක්‍ෂක ක්‍ෂේත්‍රයේ සහයෝගිතාව හා හුවමාරුව වර්ධනය කර ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිවිය.
    පඩිපාලක සභා ආඥා පනතේ 59 (අ) වගන්තිය සංශෝධනය සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් නියමිතවේ. යම් ආයතනයකට කොන්ත්‍රාත් සේවකයින් සේවා නියුක්ත කිරීමෙන් එම ආයතනයේ නිත්‍ය සේවා නියුක්තිකයින්ට සිදුවිය හැකි අගතියාදක තත්වයන් වළක්වා ගැනීම එහි අරමුණයි.

    Latest News