යැපුම් ආර්ථිකයෙන් මිදී කර්මාන්ත අවදියකට යා යුතුයි- අනුර කුමාර

ඔක් 27, 2019

    යැපුම් ආර්ථිකයෙන් මිදී කර්මාන්ත අවදියකට රට ගෙන යාම සඳහා ක්‍රියා කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    වෙනස්කම් සහිතව ලෝක වෙළඳපළට ගැලපෙන නිෂ්පාදන සිදුකළ යුතු බව ඔහු කියා සිටියේ තලවතුගොඩ ප්‍රදේශයේ ඊයේ (26) පැවති ව්‍යවසායක හමුවකට එක්වෙමිනි.

    ඒ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

    ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා.......

    “අද පවතින්නේ තොරතරු මත ගොඩනැගුන ලෝකයක්. රජයක් ලෙසින් සැමවිටම තොරතරු ලබා ගැනීමත් එය හැසිරවිමත් කළ යුතු වනවා. සුළු හ මධ්‍යපරිමාණ කර්මාන්ත හා සම්බන්ධ තොරතුරු පවතිනවා. එවා සමපාතිකව බෙදා හැරිම සිදුකළ යුතුයි. එමගින් කර්මාන්තය නගා සිටුවිමට අවස්ථාවක් උදාවනවා. එවාගේම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ප්‍රාග්ධනය ලබාදීමට අපි සැලසුම් සකස් කරමින් සිටින්නේ. අපනයනයේදි අපට හැකි නිෂ්පාදන කෙසේද යන්න සොයා බලා නව නිෂ්පාදන වෙත යොමුවිය යුතු වනවා. එ අනුව ලෝක වෙළඳාමේ අපට හිමි පංගුව වැඩි කර ගැනිමට හැකි“ යැයි ඔහු කියා සිටියේය.

     

    Latest News