බෙලිඅත්තේ දෛනික ආදායම ලක්ෂ 5 පනී

අප්‍රේ 20, 2019

    පසුගිය අප්‍රේල් 8 වැනිදා විවෘත කළ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දෛනික ආදායම රුපියල් පන් ලක්ෂ හතළිස් දහස ඉක්වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

    ඉදිරි දින කිහියේදී ආදායම තවත් වර්ධනය වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. බෙලිඅත්තේ සිට මාතර දක්වා ලබාදෙන දුම්රිය ප්‍රවේශ පත් අවසන් වීම නිසා නව ප්‍රවේශපත් තොගයක් අද බෙලිඅත්ත හා මාතර දුම්රිය ස්ථාන වෙත යොමු කිරීමට නියමිතව තිබේ. අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීම සඳහා විශේෂ දුම්රිය වාර 11ක් අප්‍රේල් 20, 21, 22 යන තෙදින තුළදී ධාවනයට දුම්රිය දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

    අභිනවයෙන් විවෘත කෙරුණ මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ, බෙලිඅත්ත දුම්රිය ස්ථායෙන් ගමන් ආරම්භ කරන දුම්රිය 7ක් වේ. එයින් එක් දුම්රියක් ගාල්ල දක්වා ද දුම්රිය 4ක් මරදාන දක්වා ද ගමන් කරයි. යාපනය සහ වව්නියාව දක්වා සෙසු දුම්රිය දෙක ධාවනය කෙරේ. බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් අවසාන කරන දුම්රිය ගණන 6කි. එයින් 5ක්ම ගමනාන්තය වන්නේ මරදානයි. එක් දුම්රියක් වව්නියාව දක්වා ගමන් කරයි. පැයට කිලෝමීර් 120ක වේගයෙන් ගමන් කළ හැකි මෙම දුම්රිය මාර්ගයේ දී මාතර සිට බෙලිඅත්ත දක්වා ගමන් කිරීමට ගත වන කාලය විනාඩි 20කි.

    Train time 900px 19 04 20

    Train2 900px 19 04 20

    Last modified on සෙනසුරාදා, 20 අප්‍රේල් 2019 09:11

    Latest News