“සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම”ට සංගා අතින් මුල්ගල (වීඩියෝ)

අප්‍රේ 19, 2019

    2,126 උදා ගම්මානය වන “සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම” සඳහා මුල්ගල තැබීම අද (19) සිදු කෙරුණා.

    දක්ෂතාව, හැකියාව, අධිෂ්ඨානය, නිහතමානීත්වය ඔස්සේ නායකත්වයට පත් ඉතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ කුමාර සංගක්කාර මහතා උචිත අයුරින් පිත්ත හසුරුවා ලෝකය ජයගත් බවත්, එතුමා අනුගමනය කරමින් තමන්ද මෙම වසරේ දේශපාලන ක්ෂේත්‍රයේ පිට පිට හයේ පාරවල් රැසක් එල්ල කිරීමට සුදානම් බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    තමන් පිට පිට හයේ පාරවල් එල්ල කරන විට එයට බිය වන අය සහ ඊට ඔරොත්තු නොදෙන අයද දේශපාලන ක්ෂේත්‍රයේ සිටින බව පැවසූ අමාත්‍යවරයා,තමා වෙත පැමිණෙන ඊර්ෂ්‍යාව, වෛරය හා ක්‍රෝධය සිනාමුසු මුහුණින් නිහතමානීව තමන් භාර ගන්නා බවද ප්‍රකාශ කළේය.
    තමන් සෑමවිටම සංවර්ධන වැඩසටහන් දියත් කරනුයේ තම පවුල් පරපුරේ සාක්කු පුරවා ගැනීමට නොව රටේ පොදු ජනතාවගේ අතමිට සරු කිරීමට බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

    සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ දිවයිනේ ඉදිවන 2,126 උදා ගම්මානය වන “සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම” සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට අද (19) දින සහභාගී වෙමිණි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ලුණුගම්වෙහෙර, කැන්දගස්මංකඩ ප්‍රදේශයේ මෙම ගම්මානය ඉදිකෙරේ.
    “සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම” උදා ගම්මානය නිවාස 25 කින් සමන්විත වන අතර මෙහි එක් ප්‍රතිලාභියෙකුට නිවාස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 7 1/2 ක නිවාස අධාරයක් හිමිවේ.
    මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකකුමාර සංගක්කාර යන මහත්වරුන්ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ.

    57183814 10156410575555186 9086783108950261760 n

    58441909 10156410576220186 3090024885510995968 n

    58578339 10156410575550186 5104370667663392768 n

    57317098 10156410576020186 3615477184572948480 n

    58068400 10156410575990186 3589638734334656512 n

    58443158 10156410575840186 5412938989566951424 n

    57532959 10156410575625186 2820988666665500672 n

    Last modified on සෙනසුරාදා, 20 අප්‍රේල් 2019 10:10

    Latest News