කැලණිගඟ ආශ්‍රිත පහත්බිම්වලට ගංවතුර අනතුරු ඇඟවීමක්

මැයි 14, 2021

    පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ කැළණි ගඟේ ජල මට්ටම සීග්‍ර ලෙසින් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ඒ අනූව, දෙහිඕවිට, රුවන්වැල්ල, දොම්පේ, සීතාවක, කඩුවෙල, බියගම, කොලොන්නාව, වත්තල හා කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව අනතුරු අඟවා තිබේ.

    එම මධ්‍යස්ථානය නිවේදනය වැඩිදුරටත් සඳහන් කරන්නේ, කැළණි ගඟ දෙපස පහත් බිම්වල ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවයි.

    Irigation

    Latest News