දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්  ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ගංවතුර අවධානම සහිත ප්‍රදේශ වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් ස්ථානගත කිරීමට අද උදෑසන ( 01) වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කර තිබෙයි.

ඉදිරි පැය කිහිපය තුළ කළු ගඟ ද්‍රෝණියට අයත් කුඩා ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථාන වෙත මේ වන විට මිලිමීටර් 200කට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ කැළණි ගඟේ ජල මට්ටම සීග්‍ර ලෙසින් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඉදිරි පැය 6ක කාලය තුළ රාජාංගනය ජලාශය ආශ්‍රිත පහත් බිම් කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

Latest News