සුළු ගංවතුර තත්වයක් ගැන අනතුරු ඇඟවීම

මැයි 25, 2022

    ඉදිරි පැය කිහිපය තුළ කළු ගඟ ද්‍රෝණියට අයත් කුඩා ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

    ඒ අනුව, කුඩා ගඟ දෙපස පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල වෙසෙන ජනතාවට මෙන්ම ඒ ආශ්‍රිත මාර්ගවල වාහන ධාවනය කරන්නන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    ඉදිරි පැය කිහිපය තුළ බුලත්සිංහල – මෝල්කාව පාර, වරකාගොඩ – කලවැල්ලාව පාර, නාලියද්ද – දඹල පාර සහ එම ප්‍රදේශයේ පටු මාර්ගවල ඇතැම් ස්ථාන ඉදිරි පැය කිහිපය තුළ ජලයෙන් යටවිය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 

    Latest News